You are here
Home > විදෙස් > සවුදි කාන්තාවන්ට නිදහස / හිජාබය හෝ බුර්කාව අනිවාර්ය නෑලු

සවුදි කාන්තාවන්ට නිදහස / හිජාබය හෝ බුර්කාව අනිවාර්ය නෑලු

සවුදි අරාබියේ කාන්තාවන්ට හිජාබය හෝ බුර්කාව පැළඳීම අවශ්‍යම නොවන අතර ඉස්ලාමීය ගෞරවය පෙන්නුම් කරන යහපත් / සුදුසු ඇඳුමක් ඇඳීම පමණක් ප්‍රමාණවත් බවට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සිදුකළ ප්‍රකාශය එරට කාන්තාවන්ගේ හා සංවිධාන රැසක ප්‍රසාදයට පත්ව තිබෙනවා.
සවුදි අරාබියේ කාන්තා ක්‍රියාකාරීණියන් පවසන්නේ මෙය සවුදි කාන්තාවන් ඉල්ලා සිටි අයිතියක් තහවුරු කිරීමක් බවයි.
එසේම මෙය සවුදි අරාබිය නව වෙනසකට ලක්කිරීමක් බවද ඔවුන් සදහන් කරනවා.
2030 වර්ෂය වනවිට තම රටේ උසස් ස්ථානයන්හි කාන්තාවන් සිටිනු දැකීම තම අපේක්ෂාව බැවින් මෙම තීරණය ගත් බවයි සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරු සදහන් කළේ.
ඔහු විසින් දූෂණ පිටුදැකීම සදහා ගත් පියවරයන්ද මේ වන විට එරට තුල පැසසුමට ලක්වී තිබෙනවා.

Top