සවුදි මාරයන් මැරූ ජමාල්ගේ ,සිරුරු කොටස් හමුවෙයි

තුර්කියේ සවුදි අරාබි තානාපති කාර්යාලය තුලදී ඝාතනය කරන ලද වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ සිරුරු කොටස් සොයාගෙන තිබෙනවා.
නිව් යෝර්ක් පෝස්ට් පුවත් වෙබ් අඩවිය වාර්තා කළේ තුර්කියේ සවුදි අරාබි කොන්සල් ජනරාල්වරයාගේ නිල නිවසේ උද්‍යානයේ වළදමා තිබියදී කොටස් කර තිබූ මෙම සිරුරු කොටස් සොයාගත් බවයි.
ජමාල් කෂෝගිගේ සිරුර කුඩා කොටස්වලට වෙන් කිරීමෙන් නොනැවති ඔහුගේ මුහුණද විරූපී වන ආකාරයට ඝාතකයින් කටයුතු කර ඇති බවයි මෙම වාර්තා හෙළිකරන්නේ.
ඒ අනුව තුර්කි පොලිසිය විසින් එහි විශේෂ සෝදිසියක් සිදුකරමින් පවතින්නේ එරට ජනාධිපතිවරයාගේ නියෝග මතයි.
59 හැවිරිදි මෙම ප්‍රවීන මාධ්‍යවේදියා පසුගිය 2 වනදා අතුරුදන්වූයේ තුර්කියේ සවුදි අරාබි තානාපති කාර්යාලය තුලදීයි.
තානාපති කාර්යාලයෙන් කෂෝගි පිටත්ව ගිය බවට සවුදි රජය පලමුවෙන් ප්‍රකාශ කළ අතර ඔවුන් ඊට අදාළ වීඩියෝ දර්ශන පවා ඉදිරිපත්  කරනු ලැබුවා.
එහෙත් පසුව අනාවරණවූයේ ඝාතනය කළ මාධ්‍යවේදියාගේ ඇදුම් හැදගත් ඊට සමාන පෙනුමක් සහිත අයෙකු තානාපති කාර්යාලයෙන් සැලසුම් සහගතව පිටත් කර ඇති බවයි.
ඒ කෂෝගිගේ ඝාතනයෙන් පැය කිහිපයකට පසුවයි.
ඒ අනුව මෙම අමානුෂික ක්‍රියාව දිගු කලක සිට සැලසුම් කරන ලද්දක් බවයි තුර්කි ජනාධිපතිවරයා අද චෝදනා කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *