You are here
Home > ක්‍රීඩා-පුවත් > ස්මිත්ට හා වෝනර්ට වසරක ක්‍රිකට් තහනමක්

ස්මිත්ට හා වෝනර්ට වසරක ක්‍රිකට් තහනමක්

දකුණු අප්‍රිකාවට එරෙහි 3 වන ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්ට හා හිටපු උපනායක ඩේවිඩ් වෝනර්ට මාස දොළහක ක්‍රිකට් තරග තහනමක් පනවා තිබෙනවා.
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයයි එම තීන්දුව ගෙන ඇත්තේ.
සිද්ධියට අදාළව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඔවුන්ට තරගයක තහනමක් හා දඩ මුදලක් පනවනු ලැබුවා.
එමෙන්ම දකුණු අප්‍රිකානු තරගාවලිය අතරතුර ස්ටීවන් ස්මිත්/ වෝනර් සහ බැන්ක්‍රොෆ්ට් ඊයේ දිනයේදී නැවත සිය රට කැදවා තිබුණා.
ඒ අතරින් බැන්ක්‍රොෆ්ට්ට මාස 9ක තහනමක් පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.
ඔවුන්ට වසර 2ක කාලයක් සදහා ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කන්ඩායමේ නායකත්වය දැරීමේ තහනමක්ද පනවා තිබෙනවා.

Top