ස්විස්ටර්ලන්තයේ රිය අනතුරකින් ලාංකිකයින් 12කට තුවාල

ස්විස්ටර්ලන්තයේ සූරිච් හීදී සංචාරකයින් ගමන් ගත් බස් රථයක් ට්‍රක් රථ දෙකක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ලාංකිකයින් 12 දෙනකු ඇතුලු 15 දෙනකු තුවාල ලබා තිබෙනවා.
චැනල් නිවුස් ඒෂියා වෙබ් අඩවිය වාර්තා කළේ වින්ටර්ට්හර් ප්‍රදේශයේදී අනතුර සිදුව ඇති බවයි.
ඒ වන විට සංචාරකයින් රැගත් බස් රථයේ 40 දෙනකු රැදී සිට තිබෙනවා.
තුවාලකරුවන් අතරින් එක් කාන්තාවකගේ තත්ත්වය බරපතල බව සදහන්.
සිද්ධිය සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත රජය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.20