ස්වීඩනය සුපිරි 8ට / ස්විස්ටර්ලන්තය ගෙදර යයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 වටයේ 7 වන තරගයෙන් ජය වාර්තා කරමින් සුපිරි 8 වටයට පිවිසීමට ස්වීඩනය සමත්වුණා.
ඒ ස්විස්ටර්ලන්තය ගෝල 1 ට 0ක් ලෙස පරාජයට පත් කරමින්.
තරගයේ 66 වන මිනිත්තුවේදී තරගයේ එකම ගෝලය වාර්තා කෙරුණා.
මෙහිදී ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයකුට රතු කාඩ්පතක් හිමිවීමද විශේෂත්වයක්.