සාලාව ජනතාවගේ පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධීකරණයෙන් තීරණයක්

සාලාව යුධ හමුදා අවි ගබඩාව පුපුරා යාමෙන් පීඩාවට පත් හා මෙතෙක් ගැටළු නොවිසදුනු ජනතාව විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩුව සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කර තිඛෙනවා.මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුවේ ලේකම් චන්දන සූරියආරච්චි මහතාගේ අත්සනින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිඇති අතර පහත දැක්වෙන්නේ එම නිවේදනයයි.

“සාලාව ජනතාව ගොනුකල මූලික අයිතිවාසිකම් නඩුව සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.

සාලාව යුධ හමුදා අවි ගබඩාව පුපුරා යාමෙන් පීඩාවට පත් හා මෙතෙක් ගැටළු නොවිසදුනු ජනතාව විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩුව ඊයේ දින (30) කැඳවූ අතර එම නඩුව සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදි. එම සලකා බැලීමේ තීරණය දෙනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන ප‍්‍රියන්ත ජයවර්ධන, නලින් පෙරේරා, ව්ජිත මලල්ගොඩ යන ත‍්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.

මෙම නඩුවේ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ ශාන්ත ජයවර්ධන, සුනිල් වටගල, චාමර නානායක්කාරවසම් යන නීතීඥයින් පෙනී සිටි අතර වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතීඥ රජිව් ගුණතිලක මහතා පෙනී සිටින ලදි.

අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සිදුවූයේ මාස 16 කට අුධික කාලයක් පුපුරායාම සිදු වී ගත වී ඇතත් 450 ක පමණ ජනතාවගේ ගැටළු නොවිසදීම නිසා මූලික අයිතිවාසිකම් කඩවීම හේතුවෙනි. මෙම සිදුවීම ස්වභාවික ආපදාවක් නොවන බවත් රජයේ පාර්ශවයෙන් සිදුවූ වැරුද්දක් බැවින් පීඩාවට පත් කිසිදු කෙනෙකුට අසාධාරණයක් නොවන අන්දමින් ගැටළු විසඳන ලෙස ජනාධිපතිවරයා 2016 ජූනි මසදී නියෝග කලත් පිරිසකගේ ගැටළු පිලිගත හැකි ආකාරයෙන් නොවිසඳී තිබීම ගැටළු සහගතය.

ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පිලිබඳ පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ පිපිරීමෙන් හානි වූ නිවාස පිලිගත් තාක්ෂණික ක‍්‍රමවේදයක් මගින් අධ්‍යනය කිරීමකින් තොරව මතුපිට පෙනෙන හානියට පමනක් වන්දි තීරණය කිරීම, විනශ වූ ගෘහස්ථ හා ව්‍යාපාරික භාන්ඩ සඳහා වන්දි කප්පාදු කිරීමෙන් හානිවූ භාන්ඩ සඳහා නිසි වන්දියක් නොලැබීම, හානි වූ රථ වාහන සඳහා මෙ දක්වා කිසිදු මුදලක් නොගෙවීම, මාස 16 ක් තිස්සේ ජීවන වෘත්තිය අහිමිව ඇති ව්‍යාපාරකයින් සඳහා වන්දි නොගෙවීම ඇතුළු කරුණු හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවය.

මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂම් සභාව රජයේ වග උත්තරකරුවන් වෙත 2017 අපේ‍්‍රල් මස නිකුත් කල අතුරු වර්ථාවේ නිර්දේශයන් ක‍්‍රියාත්මක කරන ලෙස වගඋත්තර කරුවන්ට නියෝග කරන ලෙස මෙම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස ආපදා කළමනාකරණ අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා, අපාදා කළමනාකරණ, මුදල් හා ආරකෂක යන අමාත්‍යංශ ලේකම්වරුන්, යුධහමුුදාපතිවරයා, ප‍්‍රධාන තක්සේරු නිළධාරි, කොළඔ දිස්ත‍්‍රීක් ලේකම් හා අතිරේක දිස්ත‍්‍රීක් ලේකම් වරයා ඇතුළු 13 දෙනෙකු නම් කර ඇත.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන අවස්ථාවේදී රජයේ නීතීඥවරයා ඊට දැඩි ලෙස විරෝධය දැක්වූ අතර සලකා නොබැලිය යුතු පෙත්සමක් ලෙස නිෂ්ප‍්‍රභා කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම ගැටළු පොදු ජනතාවගේ ගැටළු වන බැවින් එය සලකා බැලිය යුතු පෙත්සමක් බව විනිසුරු මඩුල්ල පෙන්වා දෙන ලදි . පෙත්සම සලකා බැලූ විනිසුරු මඩුල්ල ප‍්‍රකාශ කලේ ඒ සම්බන්දයෙන් විරෝධතා ඇත්නම් 2018 මැයි 11 දිනට පෙර ඉදිරිපත් කරන ලෙසය.මෙම නඩුව 2018 මැයි 11 වන දින යළි කැඳවීමට තීරණය කරන ලදි.

ස්තූතියි.

මෙයට,

චන්දන සූරියආරච්චි

ලේකම්”

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial