You are here
Home > ආසන්න-පුවත් > සා.පෙළ ප්‍රතිඵල අනිද්දා / 969 කගේ ප්‍රතිඵල අත්හිටුවයි

සා.පෙළ ප්‍රතිඵල අනිද්දා / 969 කගේ ප්‍රතිඵල අත්හිටුවයි

2017 පැවති අ.පො.ස.(සා.පෙළ) විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 969 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට තීරණය කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

නවීන තාක්ෂණික උපකරණ භාවිත කර විභාග නීති රීති උල්ලංඝනය ඇතුළු තවත් විභාග අක්‍රමිකතා කිහිපයක්  පසුගිය කාලයේ දී වාර්තා වුණා. ඒ අනුව විභාග නීති රීති නිසියාකාරව පිළිපදිමින් විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට සාධාරණය ඉටු කිරීම සඳහා විභාග නීති කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල්වරයාට හා පොලීසියට උපදෙස් ලබාදුන්නා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන පරිදි විභාග සම්බන්ධව පැමිණිලි 2,804 ක් ලැබී ඇති අතර ඉන් පැමිණිලි 2,798 ක් අයදුම්කරුවන් සම්බන්ධ සිද්ධීන්. ඒ පිළිබඳ මූලික විමර්ශන වලින් 1,829 දෙනෙකු නිදහස් වී  ඇති අතර ඉතිරි 969 දෙනාගේ ප්‍රතිඵල මේ අනුව අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

මෙවර අ.පො.ස. (සා.පෙළ) 2017 විභාග ප්‍රතිඵල එළඹෙන මාර්තු මස 28 දින  නිකුත් කෙරෙනවා.

ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පාසල් මට්ටමේ ප්‍රධාන කඩඉම් විභාග තුනෙහි ම (5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයඅ.පො.ස. (සා/පෙළ) විහාගය හා අ.පො.ස.(උ/පෙළ) විභාගයේ)  ප්‍රතිඵල සෑම වසරක ම නියමිත දිනයන්හි දී නිකුත් කරන ලෙසට ලබා දී ඇති උපදෙස් අනුවයි.

අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සෑම වසරක ම ඔක්තෝබර් මස 5 වැනි දින ද, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු 28 වැනි දින ද , අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල දෙසැම්බර් මස 28 වැනි දින ද නිකුත් කෙරෙනවා.

Top