සැබෑ සාමයක් වෙනුවෙන් කැපවෙමු – විපක්ෂනායක පණිවිඩය

ලබන්නාවූ නව වසර එකමුතුව සමරන ලෙසත්, ජනපති අතර සැබෑ සාමයක්, අවබෝධයක්, වාර්ගික සමගියක් හා සංහිඳියාවක් ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කරන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක දෙමළ සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටින්නේ ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි.
එම පණිවුඩයේ වැඩි විස්තර මෙසේ ද සඳහන් වේ.සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය සමරන මෙම රටේ සිංහල හා දෙමළ ජනතාවට මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.
රටක සංවර්ධනය හා අනිකුත් ක්ෂේත්‍රවල ප්‍රගතියක් ඇති කිරීම සඳහා ස්ථිර සාමයක් හා සමගියක් පැවැතීම අත්‍යවශ්‍යය. ජාතික ගැටලුවට ස්ථිර විසඳුමක් ගෙන දීමට මං පෙත් විවර කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා ඇති සියලු බාධක හා අභියෝග ජයගෙන, ජනතාවට ආත්ම අභිමානයෙන් හා ගෞරවයෙන් යුතුව ජීවත්වීමේ අයිතිය ලබා දීමට නව වසර තුළදී හැකිවේවායි මම ප්‍රාර්ථනා කරමි.
විශේෂයෙන්ම අවාසනාවන්ත සිද්ධීන්වලට මුහුණ පා ඒවායින් පීඩාවන් විඳිමින් සිටින අයටත්, ඔවුන් විඳි එම පීඩාවන්ට අවසානයක් ගෙන දීමටත්, මෙම වසර තුළදී හැකියාව ලැබි අප සියලු දෙනාටම නව අපේක්ෂාවන් ඇති කර ගැනීමට අවස්ථාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.