සැලකිය යුතු ඉන්ධන මිල වැඩිවීමක් අත ළග

ලෝක වෙළඳපලේ ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ යාම හා රුපියල අවප්‍රමාණයවීම හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන මිල ගණන්වල සැලකිය යුතුවැඩිවීමක් සිදුවීමේ අවධානමක් මතුව තිබෙනවා.
සෑම මසකම 10 වනදා ඉන්ධන මිල සංශෝධනය වන අතර ඒ අනුවයි මෙම තත්ත්වය මතුව ඇත්තේ.
2014 වසරෙන් පසු වාර්තාවූ ඉහළම බොරතෙල් මිල මේ වන විට වාර්තාවන අතර එය ඩොලර් 81.16 ක් ලෙසයි සටහන්වන්නේ.
ඉන්ධන නිෂ්පාදනය ඉහළ දමන ලෙසට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ දැනුම් දීම සවුදි අරාබිය සහ රුසියාව ප්‍රතික්ෂේප කිරීම මෙම මිල ඉහළයාමට හේතුවක් වනවා.
මෙම මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවටද අනාවැකි පලවනවා.
ඒ අනුව පසුගිය මාසයක කාලය තුල බොරතෙල් බැරලයක මිල ඩොලර් 10කට ආසන්න අගයකින් වර්ධනයවී ඇති අතර එය ඉන්ධන මිල සූත්‍රය කෙරෙහි දැඩිව බලපාන බවයි සදහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ඉන්ධන ලීටරයක මිල ගණන් පහත දැක්වේ:

  • පෙට්‍රල් (ඔක්ටේන් 92) – රු. 149.00
  • පෙට්‍රල් (ඔක්ටේන් 95) – රු. 161.00
  • ඔටෝ ඩීසල් – රු. 123.00
  • සුපර් ඩීසල් – රු. 133.00
  • භූමි තෙල් – රු. 70.00 (මූලාශ්‍රය: Ceypetco)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *