සියයට 75 ක ඩේටා නොමිලේ / සුබ ආරංචිය මෙන්න

SLT බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව 2018 නව වසරේ ක්‍ෂේත්‍රයේ පෙරළියක්‌ කරමින් සිය බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජයන් සඳහා එම මිලටම 75% ක්‌ දක්‌වා වැඩිපුර ඩේටා පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව, ගෙවන මුදලට වැඩිම වටිනාකමක්‌ සහිත බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව අත්විඳිනු ලබන SLT බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයන්ට එම වටිනාකම තවදුරටත් වැඩිකරදෙමින් ඩිජිටල් ජීවන රටාව තුළ දිනෙන් දින ඉහළ යන අවශ්‍යතා නොඅඩුව සපුරාගැනීමේ අවස්‌ථාව සැලසෙනු ඇත.

මෙම ඩේටා ධාරිතාව ඉහළ නැංවීම මේ වන විටත් මෙම සේවාව අත්විඳින SLT පාරිභෝගිකයන් සහ අලුතින් මෙම සේවාව ලබාගැනීම සඳහා එක්‌වන හෙවත් නව සම්බන්ධතා සඳහා ද අදාළ වේ. ඒ අනුව මෙරට වඩාත් ස්‌ථායී, බාධා රහිත සහ වේගවත්ම සබඳතාව සමඟ කිසිදු වැඩිපුර ගෙවීමකින් තොරව වැඩි වැඩියෙන් අන්තර්ජාලයේ සැරිසැරීමේ අවස්‌ථාව ඔබට හිමිවේ.
මේ සමඟින්, අන් කිසිදු සේවාවක්‌ හා සම කළ නොහැකි මෙන්ම, ගෙවන මිලට ලැබෙන වටිනාකම අතින් අංක 1 ස්‌ථානයේ සැබැවින්ම පසුවන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව බවට SLT බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව අත්කරගෙන සිටින ප්‍රසාදය තවදුරටත් වර්ධනය වනු ඇත. එමඟින් මසකට ගිගා බයිට්‌ 3000 කට (3000ඨඊරැ3ඔඊ) වැඩි ඩේටා දීමනා සමඟ වසර පුරා අදහාගත නොහැකි දීමනා පිරිනැමීම කැපී පෙනෙයි. එම සේවාවෙන් පිරිනැමෙන 100ඵඉචි වේගවත්ම සබඳතාව සමඟ දිනෙන් දින වැඩිවන ඩිජිටල් අවශ්‍යතා හමුවේ උස-Fස ඔස්‌සේ අදාළ කිහිපයකට වුව එකවර කළ හැකිය. SLT බ්‍රෝඩ්බෑන්ඩ් සිය පාරිභෝගිකයන් හට, ජාතික Fසඉරු ධචඑසජි ජාලය ඔස්‌සේ අධිවේගී ජාත්‍යන්තර මට්‌ටමේ අන්තර්ජාල සබඳතාවක්‌ අත්විඳීමේ අවස්‌ථාව සලසාදී තිබේ.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *