සියලු උපාධිධාරීන්ට රජයෙන් රැකියා

අදියර කීපයක් යටතේ රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට රජය තීරණය කර තිඛෙනවා.

රාජ්‍ය ප්‍රතිපත්ති හා අර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී බාහිර උපාධිධාරීන්ට කිසිදු වෙනසක් සිදු නොකරන අතර වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

අදියර එක සහ දෙක යටතේ 2018 වසරේ රැකියා ලබාදීමටත් අදියර තුන සහ හතර යටතේ ඉතිරි උපාධිධාරීන්ට  2019 වසරේ දී රැකියා ලබාදීමටත් නියමිතයි.

උපාධිධාරීන්ට පමනක් නොව සියලු දෙනාට තම සුදුසුකම් අනුව රැකියා අවස්ථා ලබාදීම රජයේ ප්‍රතිපත්තිය වන අතර ඒ වෙනුවෙන් ඉදිරි පියවර ගන්නා බවද මෙහිදී අවධාරණය කෙරුණා.