සිරිසේනට පිළිගැනීමක් නෑ /මහින්දට ප්‍රතිපත්තියක් නෑ – ටිල්වින්

රට දිනවන ශක්තිමත් ජන බලවේගයට හොරණ ආසන බල මණ්ඩලයේ අපි ශ්‍රී ලංකාවේ පළමුවෙන්ම පෙරමුණ ගන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හොරණදී පවසනවා.

ඒ එම පෙරමුණේ හොරණ ආසන බල මණ්ඩලය අමතමින් .

රට දිනවන අභියෝගයට අපි සූදානම් බව ආසන බල මණ්ඩලයේ යෝජනා එක හ¾ඩින් අනුමත කර ගත්තා. අපේ රටේ තියෙන ආණ්ඩු, තිබුණු ආණ්ඩු රටේ ප්‍රශ්න දැකල නෑ. රට දිනවන සැලසුම් නෑ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයට ඕන වෙලා තියෙන්නේ ඊළඟ ජනාධිපතිවරණයෙනුත් දිනන්න. එයා එයාගෙ ප්‍රතිරූපය කුඩු පට්ටම් කරගෙන තියෙන්නෙ. බිඳ වැටුණු දේශපාලනය ගොඩගන්න බෑ. මහින්ද රාජපක්ෂට ආර්ථික සැලසුමක් තියෙනවාද…? රුපියල කඩා වැටීම ගැන එයා හරියට දන්නෙ නෑ.

මාධ්‍ය සාකච්ඡාවක් තිබුණා. එක් මාධ්‍යවේදියෙක් රුපියල අවප්‍රමාණ වීම ගැන ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. දෙපැත්ත බැලුවා. ඊනියා විප්ලවවාදියාත් සිටියා. විපක්ෂයෙ ප්‍රධාන සංවිධායකත් හිටියා. ආර්ථික න්‍යායාචාර්යවරයාත් සිටියා. ආවට පස්සෙ තෝරා ගන්නම් කිව්වා. එදා ප්‍රශ්නෙ බරපතළ වුණාම උදවු වුණේ අපි. උතුරු නැඟෙනහිර ඒකාබද්ධ කිරීමේ ප්‍රශ්නයේදී උදවු කළේ අපි. උතුරු නැඟෙනහිර ප්‍රශ්නය උදවු කළේ අපි. අපි සූනාමි සහන මණ්ඩලය පැරැද්දුවා. ඇමැති ධුරවලින් ඉවත් වුණා. රට බෙදන්න බෑ. රට බෙදන්න අපි ඉල්ලන්නේ නෑ. රට බෙදනවා කීවාම ජනතාව කලබල වෙනවා.

අපට රට බෙදන සැලසුම් නෑ. 1978 ව්‍යවස්ථාව හැදුවේ ජේ.ආර්. ජයවර්ධන. ඒක අපි හදාපු ව්‍යවස්ථාවක් නොවෙයි. දැන් ජාතික ආණ්ඩුවක් ගැන කියනවා. එහෙම එකක් ව්‍යවස්ථාවේ නෑ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පසුපසින් ඉන්න අය රජයේ ඇමැති මණ්ඩලය වැඩි කරගන්න ජාතික ආණ්ඩු ගැන කතා කරන්නේ. රනිල් වික්‍රමසිංහ එදා 2015දී හතර ගාතෙන් වැටිලා හිටියෙ. රනිල් වික්‍රමසිංහ අද බලය තහවුරු කරන්නට කුමන්ත්‍රණය කරනවා. රට ගොඩනැඟීමේ අයිතියක් අවශ්‍යතාවක් නෑ. මේ රට ඒ අයට භාර දෙනවා නම් ඒක බරපතළ ප්‍රශ්නයක්. රටේ නිෂ්පාදනය නවත්වා දාලා ණයට බඩු ගේනවා. අපනයනය නවත්වලා ණයට බඩු ආනයනය කරනවා. කුට්ටි පිටින් කොමිස් ගහනවා.

රටේ දේශීය ආර්ථිකයට බරපතළ තර්ජනයක් වෙලා තිබෙනවා. සේනා දළඹුවාට පුළුවන් මුළු රටේම ආර්ථිකය බිඳ දමන්න. දැන් දළඹුවා පිටින් දාලා බඩඉරිඟු රටින් ගෙන්වන්න හදනවා. ඡන්දයක් ඉස්සරහ තියාගෙන බඩු මිල ඉහළ දමන්නේ නැහැ. ජනතාව පිට බර පටවන්නත් බැහැ. මිල සූත්‍රයත් දැන් බිම ඇනගෙන. සේවා කප්පාදු කරනවා. රටේ ප්‍රශ්න තනි තනියම විසඳන්න බෑ. ධනපති ක්‍රමයට.

දැන් බලන්න අධ්‍යාපන ප්‍රශ්නය. සිසු දරුවන්ගෙන් මුදල් ලබා ගැනීම තහනම් කියලා අධ්‍යාපන ඇමැති චක්‍රලේඛයක් නිකුත් කළා. ඉවත් කළේ අලුත් චක්‍රලේඛය. පරණ චක්‍රලේඛය තවම තියෙනවා. ගුරුවරුන්ට පඩි ගෙවන්න අපහසු වෙලා. අධ්‍යාපන ක්‍රමය අවුල් වෙලා තියෙන්නේ. අධ්‍යාපනික සමාජ ආර්ථික දේශපාලනික ප්‍රශ්න ජාලයකට රට පත්වෙලා තියෙන්නේ. මේ ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා යල්පැන ගිය ශ්‍රී .ල.නි.ප.ය, එජාපය ඉවත දමා නව දේශපාලන ව්‍යාපාරයකට යන්නට වෙනවා. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණට ශක්තිය ලබා දෙන්න.