සිල්ලර කඩවලට සතොසෙන් සහන මිලට සහල්

ලංකා සතොස මඟින් සහල් වර්ග 4ක් සඳහා නියම කර ඇති සහන මිල රට පුරා පාරිභෝගිකයන්ට ලැබෙන පරිදි ලංකා සතොස, සතොස තොග ‍මධ්‍යස්ථාන හා සතොස අලෙවිසල් ජාලය මඟින් ග්‍රාමීය ප්‍රදේශවල වෙළෙන්දන්ට සහල් බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිඛෙනවා.

ජීවන වියදම් අනුකාරක සභාවේ තීරණය පරිදි ලංකා සතොස මඟින් සුදු කැකුළු සහල් කිලෝව රුපියල් 64, නාඩු රුපියල් 73, කැඩුණු සහල් රුපියල් 60 සහ සම්බා රුපියල් 83 වශයෙන් සහන මිල ගණන් යටතේ අලෙවි කිරීමට නියමිතයි.

මෙම සහනය කොළඹින් පිට ග්‍රාමීය පාරිභෝගිකයාටත් ලබා දීමේ අරමුණින් රට පුරා ක්‍රියාත්මක වෙළෙඳ සංගම් සමඟ සාකච්ඡා කර වෙළෙන්දන්ට අවශ්‍ය සහල් ප්‍රමාණ කොපමණදැයි සොයා බලා වාර්තා කරන ලෙස ලංකා සතොස ශාඛා කළමනාකරුවන් සහ ප්‍රාදේශීය කළමනාකරුවන්ට දැනුම්දී ඇති බව ලංකා සතොස සභාපති ආචාර්ය නීතීඥ ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කළා.