සිසුවියක් ගැබිණියක් ලෙස නම් කළ විදුහල්පති අම්මණ්ඩිට වැඩ වරදී

පාසලේ දී වමනය කළ බව කියන 15 හැවිරිදි සිසුවියක් ගැබිණියකැයි පවසා පාසැලෙන් එළවා දැමු බව කියන විදුහල්පතිනිය පිලිබඳ පරික්ෂණයක් සිදුකර විනය ක්‍රියා මාර්ගවලට එළැඹෙන්නැයි ලංකා ගුරු සංගමය උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිඛෙනවා.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සදහන් කළේ මෙම සිද්ධියේදී එම සිසුවිය සමාජය ඉදිරියේ අවමානයට ලක් කර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරින් විනය පියවර ගත යුතු බවත් ලංකා ගුරු සංගමය ලිපියක් යොමුකරමින් සදහන් කර තිඛෙනවා.
නවයොවුන් වියේ දැරියන් සම්බන්ධව කටයුතු කිරීමේදී බාලිකා පාසල්වල විදුහල්පතිනියන් ඉතා සැළකිල්ලෙන් පියවර ගැනීමේ අවශ්‍යතායද එයින් අවධාරණය කර තිඛෙනවා.
මෙම සිද්ධියේදී මඩාටුගම විදුහල්පතිනිය කාන්තාවන්ටද අවමානයක් වන ලෙස හැසිරී ඇති බවටයි චෝදනා එල්ලවන්නේ.

මේ අතර කැකිරාව අධ්‍යාපන කලාපයේ මඩාටුගම රේවත විද්‍යාලයේ අධ්‍යාපනය ලද මෙම දැරිය ගැබ්ගෙන ඇතැයි පවසමින් ඇය පාසලින් ඉවත් කිරීමේ සිද්ධියට අදාළ පාසලේ විදුහල්පතිවරියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

සිද්ධියට අදාල තොරතුරු මාධ්‍ය ඔස්සේ අනාවරණය වීමත් සමඟ ඒ පිළිබඳ අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලා පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාට උපදෙස් ලබා දුන්නා. අදාළ දැරිය ගැබ්ගෙන ඇති බව පවසමින් පදනම් විරහිත කරුණක් මත ඇය පාසලෙන් ඉවත් කර ඇති බවත්, වෛද්‍ය පරික්ෂණයේ දී එම සිසුවිය ගැබ් ගැනීමකට ලක්ව නොතිබූ බවටත් මේ වන විට හෙළිව තිඛෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial