You are here
Home > ආසන්න-පුවත් > සීගිරිය කැටපත් පවුරේ දීලීර විශේෂයක් පැතිරිලා

සීගිරිය කැටපත් පවුරේ දීලීර විශේෂයක් පැතිරිලා

සීගිරි කැටපත් පවුරේ එක් කොටසක දැනට ටික දිනකට පෙර සිට දිලීර විශේෂයක් පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිඛෙනවා.
මේ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය පර්යේෂකයන් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනික සංරක්ෂකයන් පිරිසක් විසින් මේ ගැන පර්යේෂණ කොට තහවුරු කරගෙන ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. සී. මණ්ඩාවල මහතා අනාවරණ කළා.
ඒ අනුව විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත එම දිලීර විශේෂය විනාශ කිරීම සඳහා අද  සිට ප්‍රතිකර්ම ආරම්භ කිරීමට නියමිතයි.ස්වභාවික පරිසරයේ ඇතිවන විවිධ පාරිසරික වෙනස්කම් හේතුවෙන් මෙවැනි දිලීර විශේෂ හටගන්නා බවත්, එය විනාශ කිරීමෙන් නැවත ඇතිවනු ඇත්දැයි විමසිල්ලෙන් පසුවන බවත් මහාචාර්ය මණ්ඩාවල මහතා වැඩිදුරටත් කියා සිටියා.

Top