You are here
Home > ආසන්න-පුවත් > සුපිරි ජාත්‍යන්තර බැංකු කොල්ලයට ලිට්රෝ සභාපති අත්අඩංගුවට

සුපිරි ජාත්‍යන්තර බැංකු කොල්ලයට ලිට්රෝ සභාපති අත්අඩංගුවට

තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවෙන් ඩොලර් මිලියන 1.1ක මුදලක් ලංකා බැංකුවේ පෞද්ගලික ගිණූමක තිබී හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති, ෂලීල මුණසිංහ අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ෆා ඊස්ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී ඇමරිකානු ඩොලර් බිලියන 60කට අධික මුදලක් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ගිණුම්වලට බැර කීරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට අපරාධ විමර්ශන කාර්යාංශය පසුගිය සතියේ විමර්ශණයක් ආරම්භ කරනු ලැබුවා.
සිද්ධියට සම්බන්ධ එක් පුද්ගලයකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා.
ෆා ඊස්ටන් ජාත්‍යන්තර බැංකුවෙන් ලංකා බැංකුවේ පෞද්ගලික ගිණූමට බැර වූ මුදල් ලබා ගැනීමට පැමිණි එම ගිණුමේ හිමිකරු ජේ. සී. නම්මුණි නැමැත්තායි එසේ බන්ධනාගාර ගත කෙරුණේ.

Top