You are here
Home > ගොසිප් > සුපිරි බොලිවුඞ් නලු ඉර්ෆාන් ඛාන්ට දුර්ලභ රෝගයක්

සුපිරි බොලිවුඞ් නලු ඉර්ෆාන් ඛාන්ට දුර්ලභ රෝගයක්

ප්‍රකට බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන්, තමන් දුර්ලභ රෝගයකින් පෙලෙන බව ට්විටර් පණිවිඩයකින් අනාවරණ කර තිබෙනවා.
ඔහු පවසන්නේ තමන් ගත කළ අවසන් දින 15 තුල ජීවිතය වෙනස් කරන ආකාරයේ මෙම තත්ත්වය හදුනාගත් බවයි.

ජාත්‍යන්තර වශයෙන් නමක් දිනා ඇති ඉන්දීය සිනමා රංගන ශිල්පියෙකු වන ඉර්ෆාන් ඛාන් බොලිවුඩ් මෙන්ම හොලිවුඞ් චිත්‍රපටවලද රංගනයෙන් දායකවී ජාත්‍යන්තරයේ ප්‍රසාදය දිනගෙන සිටිනවා.

පීකු, මක්බූල්, හාසිල්, ලයිෆ් ඔෆ් ෆයි, ස්ලම්ඩෝග් මිලියනර්, දි අමේසින් ස්පයිඩර් මෑන් ඒ අතරින් සිනමා පට කිහිපයක්.

මං පහරන්නෙකු බවට පත්වූ ඉහළ ගණයේ මලල ක්‍රීඩකයෙකුගේ චරිතය ආශ්‍රයෙන් නිමවුණු පාන් සිං තෝමර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරුපණය වෙනුවෙන් 2013 වසරේදී ඔහු ඉන්දියාවේ ජාතික සිනමා සම්මානය දිනා ගත් අතර මෙවර ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේදීත් හොදම නලුවා ලෙසයි ඔහු සම්මාන දිනාගත්තේ.

‘ද ලන්ච් බොක්ස්’ චිත්‍රපටයේ සිය සගයෙකුට එවන දිවා ආහාරවේල වැරදීමකින් ලබන තනිකඩ ගණකාධිකාරීවරයකුගේ චරිතයට පණදුන් ඉර්ෆාන් ඛාන් 2013 කාන් සිනමා උළෙලේ නරඹන්නන්ගේ තේරීම සම්මානයෙන් පිදුම් ලැබූ අතර එය එම වසරේදී ලන්ඩන් චිත්‍රපට උළෙලේ තරගය සඳහා තේරුණු එකම ඉන්දීය සිනමාපටයද වුණා.

Top