සුවදුක් විමසන්න ජනපති විද්‍යාගේ ගෙදරට ගිහින්

යාපනයේදී ඝාතනයට ලක්වූ සිවලෝගනාදන් විද්‍යා දැරියගේ පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් විමසීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වව්නියාවේ පිහිටි එම නිවසට ගොස් තිඛෙනවා.
මෙහිදී විද්‍යා දැරියගේ මව ඇතුළු පිරිස ජනාධිපතිවරයා හමුවූ බවයි ජනපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.
ඔවුන්ගේ සුව දුක් විමසීම සඳහා පැමිණෙන බව ජනාධිපතිවරයා විසින් විද්‍යා දැරියගේ මව වෙත දුන් පොරොන්දුවක් අනුවයි ජනපතිවරයා මෙම ගමනට එක්ව ඇත්තේ.
විද්‍යා දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම එම පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් ලබාදිය හැකි සියලු උපකාර සිදුකරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සදහන් කර තිඛෙනවා.
විද්‍යා දැරියගේ ඝාතනයට අදාළ නීතිමය කටයුතු කඩිනම් කර ගැනීම ඇතුළු සාධාරණය ඉටුකර ගැනීම සදහා ජනාධිපතිවරයා දැක්වු සහය පිළිබදව මෙහිදී විද්‍යා දැරියගේ මව ස්තූතිය පල කර තිබුණා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial