සේනා දළඹුවා පැමිණියේ ඉන්දියාවෙන් බව හෙළිවෙයි

සේනා දළඹුවා මෙරටට සුළඟ මගින් පැමිණ ඇති බව මෙතෙක් සිදුකළ පරීක්ෂණ මගින් අනාවරණ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කළේ, කෘෂි විශේෂඥයින් ඒ බව තහවුරු කර ඇති බවයි.

සේනා දළඹුවාගේ සළඹ අවස්ථාවේ සුළඟ සමග කිලෝමීටර් 100 කට වැඩි දුරක් ගසාගෙන යෑමට හැකි බැවින් ඉන්දියාවේ සිට මෙම සත්ත්වයා පැමිණෙන්නට ඇති බවද මෙමගින් විශ්වාසය පල කර තිබෙනවා.

ඒ අනුව සේනා දළඹුවන් මර්ධනය කිරීම සදහා ගත යුතු පියවරයන් කඩිනම් කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරන්නේ.