සොරාගත් රණමයුර සම්මානය සොයන්න විශේෂ පරීක්ෂණයක්

අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට අයත් රණ මයුර සම්මානය අස්ථානගතවීම සම්බන්ධයෙන් සෙවීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යටතේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඒ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ලබා දුන් උපදෙස් අනුවයි.
පෙරේදා දිනයේදී මෙම සම්මානය හා පදක්කම අස්ථානගතවී තිබුණේ අභාවප්‍රාප්ත සිනමාවේදියාගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබියදීයි.
1965 වසරේ නවදිල්ලි සිනමා උළෙලේදී ගම්පෙරලිය සිනමාපටය වෙනුවෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට මෙම සම්මානය හිමිව තිබුණා.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.22