සෝයුස් රොකට්ටුවේ කැප්සියුලය කඩා වැටේ / ගගනගාමීන් බේරේ

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගගනගාමීන් දෙදනකු ගෙනයමින් පැවැති රුසියාවේ සෝයුස් රොකට්ටුව ගුවනේදී අක්‍රියවීම හේතුවෙන් එහි ගගනගාමීන් හදිසි ගොඩබෑමක් සිදුකර තිබෙනවා.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ අවධානම් ගමනකින් පසු එම ගගනගාමීන් දෙදෙනා පොලවට පතිතවී ඇති බවයි.
එහෙත් ඔවුන් යහපත් මට්ටමක සිටින බවයි එම වාර්තා හෙළිකරනු ලබන්නේ.
මේ වන විට කැප්සියුලයේ කොටස් පතිතවූ කලාපයේ විශේෂ සෝදිසියක්ද සිදුකරමින් පවතින බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කළා.මේ වන විට කැප්සියුලය පතිතවූ කලාපය හදුනාගෙන ඇති අතර එතුල සිටින ගගනගාමීන් හා පාලක මැදිරිය සබදතාවයන්ද ඇතිකර ගෙන තිබෙනවා.
රුසියානු ජාතික ඇලෙක්සි ඔව්චිනින් හා අමෙරිකානු ජාතික නික් හේග් මෙම කැප්සියුලයේ රැදී සිට තිබුණා.
ඔවුන් මාස 6ක මෙහෙයුමක් සදහායි ඔවුන් ජගත් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට යොමුකිරීමට නියමිතව තිබුණේ.

Roscosmos cosmonaut Alexei Ovchinin, left, and NASA astronaut Nick Hague ahead of their Soyuz MS-10 space flight.