හකීම් ආණ්ඩුවෙන් ඉවතට ?

පළාත් සභා ජන්ද කඩිනමින් පවත්වන ලෙස ආණ්ඩුවට බල කිරීම සදහා එක්ව කටයුතු කිරීමට  ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබල සුළු පක්ෂ කිහිපයක් සූදානමින් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය / මනෝ ගනේෂන් මහතා හා ඩග්ලස් දේවානන්ද මහතාද වන බවයි එම වාර්තා හෙලි කරන්නේ.
ඒ අනුව තීරණාත්මක මාධ්‍ය සාකච්ජාවක් ඉදිරි දිනවලදී කොලඹදී පැවත්වීමට නියමිතව ඇතැයිද එම වාර්තා හෙළිකරනවා.
මීට අදාළව රහස් සාකච්ජාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පවත්වා ඇති අතර ඊට හිටපු ජනාධිපතිවරයාද එක්වූ බව ප්‍රකාශිතයි.
පළාත් සභා මැතිවරණය කඩිනම් කිරීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ට බලපෑම් කිරීමටද මෙහිදී එකගතාවයක් ඇති කරගෙන තිඛෙනවා.
පළාත් සභාමැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට අවශ්‍ය පනත් වෙනස් කිරීමට සහාය ලබාදීමටද මෙහිදී එකගතාවයකට එළඹි බවයි සදහන් වන්නේ.
එසේම මුස්ලිම් කොන්ග්‍රසය ආණ්ඩුවෙන් ඉවත්වීමේ අවධානමක්ද පවතින බව එම පක්ෂයේ අභ්‍යන්තර වාර්තා අනාවරණ කරනවා.