හදවත් බද්ධයකින් පසු මියගිය දැරියගේ මරණය පිළිබද සැකයක්

මහනුවර මහ රෝහලේදී හදවත් බද්ධයකට ලක්වීමෙන් පසු මියගිය දැරියගේ මරණය පිළිබද සැක ඇති වීමට හේතු ගණනාවක් ඇති බව පවසමින් ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඇගේ පියා වන මහේෂ් කුමාර මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිඛෙනවා.

ඒ මිය ගිය සෙව්වන්දි දැරියට අවසන් ගෞරව දැක්වීම සදහා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දැරියගේ නිවසට පැමිණි අවස්ථාවේදීයි.

දියණියට ප්‍රථම හදවත් බද්ධය කිරීමට පෙර වෛද්‍යවරුන් අතර එකඟතාවක් නොපැවතීම නිසා එම බද්ධ කිරීම සිදු කිරීමට නොහැකිවූ බවත් දෙවන වර හදවත් බද්ධය සිදු කළත් වෛද්‍යවරුන් කිහිප දෙනකු තමන්ට ඒ සම්බන්ධයෙන් දැක්වූයේ ඍණාත්මක අදහස් බවත් ඔහු පවසා තිඛෙනවා.

මුල් සැත්කම සිදු කිරීමෙන් පසු මාධ්‍යට අදහස් දැක්වීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් කිහිපදෙනකු තමන්ට දොස් නැඟූ බවත් දුවගේ ජීවිතය බේරා ගැනීම සඳහා සියල්ල විඳ දරා සිටි බවත් කී ඒ මහතා තවත් නිහඬව සිටීම තවත් මරණයකට හේතු විය හැකි නිසා මෙලෙස ප්‍රකාශ කිරීමට තීරණය කළ බවයි පවසා ඇත්තේ.

දියණියට පළමුවර හදවත් බද්ධය සිදු කිරීමට ගිය අවස්ථාවේ එය සිදු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් සෞඛ්‍ය ඇමැතිවරයාටත්,සෞඛ්‍යය අධ්‍යක්ෂ ජනරාල් වරයාටත් ලිඛිතව දැනුම් දුන් බවද මහේෂ් කුමාර මහතා ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *