හදිසියේම ලෝකයට එපාවූ මගී ගුවන් යානය


බෝයිං සමාගම, සිය සෙවන් ත්‍රී සෙවන් මැක්ස් වර්ගයේ ගුවන් යානා සියල්ල භාවිතය නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ඉතියෝපියාවේ ගුවන් අනතුරක් සිදුවූ ස්ථානයෙන් නව සාක්ෂි සොයාගැනීමට විමර්ෂකයන් සමත් වීමෙන් පසුවයි.

මේ හමුවේ තමන් නිෂ්පාදනය කළ බෝයිං සෙවන් ත්‍රී සෙවන් මැක්ස් වර්ගයේ ගුවන්යානා සියල්ල භාවිතය තාවකාලිකව අත්හිටුවන බව අමෙරිකානු ගුවන්යානා නිෂ්පාදන සමාගමක් වන බෝයිං ප්‍රකාශ කළා.

අමෙරිකානු ෆෙඩරල් ගුවන් පරිපාලන ඒකකය සඳහන් කළේ, නව සාක්ෂි සහ චන්ද්‍රිකා ඔස්සේ ලබාගත් දත්ත, මෙම තීරණය ගැනීමට මුල්වූ බවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published.