හදිසි නීතිය 18 වනදා තෙක්

රටේ පැවැති කලහකාරී වාතාවරණය පාලනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සතියක කාලයක් සඳහා ප්‍රකාශයට පත් කළ හදිසි නීතිය ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ජනාධිපතිවරයා දිවයිනේ නොමැති බැවින් එය මෙම 18 දා දක්වා බල පැවැත්වෙන බව ජනාධිපති ‍ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසනවා.
පසුගිය සතියේ රටේ ඇතිවූ කලහකාරී තත්ත්වය පාලනය කිරීමට ඉකුත් 6දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ බවත් එය අවලංගු කිරීමද ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කිරීමෙන් කළ යුතු බවත් ‍ලේකම්වරයා සදහන් කළා.
රජය මීට පෙර නිවේදනය කළේ අද දිනෙන් හදිසි නීතිය නිමාවට පත්වන බවයි.
මේ වන විට ජනාධිපතිවරයා ජපාන නිල සංචාරයක නිරත වන බැවින් එම ගැසට් නිවේදනය ශ්‍රී ලංකාවේ වේලාවෙන් මෙරට ගැසට් නිවේදනයකින් මෙරටදී අත්සන් කළ නිසා අවලංගු කිරීම සඳහා වන ගැසට් නිවේදනයද මෙරටදී කළ යුතු බව ඔස්ටින් ප්‍රනාන්දු මහතා කියා සිටියා