You are here
Home > ප්‍රධාන-පුවත් > හදිසි මහ මැතිවරණයක් ගන්න ඒකාබද්ධ මෙහෙයුමක්

හදිසි මහ මැතිවරණයක් ගන්න ඒකාබද්ධ මෙහෙයුමක්

ආණ්ඩුව තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යාමට නොහැකි බැවින් මහ මැතිවරණයක් ලබා ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.මෙම මෙහෙයුම සඳහා ශ්‍රීලනිප, ජවිපෙ හා මුස්ලිම් කොංග්‍රසයේ සහයද ලබා ගැනීමේ සාකච්ඡා ආරම්භ කර ඇති බවද එජාපයේ රනිල් විරෝධී කණ්ඩායමේ සහය මෙවර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවට ලැබෙනු ඇති බවද දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කරනවා.
ශ්‍රීලනිපය දෙකඩ වීම වළක්වා ගැනීමට නම් ශ්‍රීලනිපයට ආණ්ඩුවෙන් ඉවත් වීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන ගුණවර්ධන මන්ත්‍රීවරයා එජාප අභ්‍යන්තර අර්බුදයක් සමග ඔවුන්ටද තනි ආණ්ඩුවක් පවත්වා ගෙන යෑමේදී ගැටලු සහගත තත්ත්වයක් බවයි පවසන්නේ.
ඒ අනුව වඩාත්ම ප්‍රායෝගික විසදුම පාර්ලිමේන්තු මැත්වරණයක් පැවැත්වීම බවද දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top