හන්තානේ රජයේ ඉඩම් අල්ලන්න නූල් සූත්තර ගේමක්

මහනුවර හන්තාන ප්‍රදේශයේ සුන්දර පරිසරයක පිහිටා ඇති රුපියල් කෝටි 200කට අධික වටිනාකමකින් යුත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අක්කර 100කට අධික ඉඩම් වලින් වටිනාම ඉඩම් කොටස් අත්පත් කර ගැනීමේ කූට ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව හෙළිව තිඛෙනවා.
ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයකු සහ ප්‍රාදේශීය දේශපාලනඥයකු මැදිහත් වී ඉතා සූක්ෂම ලෙස කෝටිපති ව්‍යාපාරිකයන් මාර්ගයෙන් මෙය සිදුකරන බවටයි චෝදනා එල්ලවන්නේ.
මෙම ඉඩම් සඳහා ව්‍යාජ ලේඛනද සකස් කරගෙන යන බවත් ඉඩම් කැබලිකර ධනවත් ව්‍යාපාරිකයන්ට විකිණීම අවසන් අරමුණ බවත් එහි වැඩිදුරටත් දැක්වෙනවා.
මෙම ඉඩම්වලට හිමිකරුවන් ඇති බව පෙන්නුම් කිරීම සඳහා දැනටමත් ව්‍යාජ ලේඛන සකස් කර ඉදිරිපත් කර ඇති බවද පවසන ප්‍රදේශයේ ජනතාව හන්තාන පරිශ්‍රයේ පිහිටා තිබෙන රජය සතු ඉතා වටිනා මෙම ඉඩම් ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් සිදුකර තිඛෙනවා.
හන්තාන පරිසරය සුරුකීමේ සංවිධානය මගින් මෙම ඉඩම් කොල්ලය පිළිබඳව රජයේ බලධාරීන් දැනුවත් කිරීමටද පියවර ගෙන තිඛෙනවා.
ඒ සම්බන්ධයෙන් නිසි පියවර අනුගමනය කරන ඇතැම් නිලධාරීන්ටද බලපෑම් එල්ලවන බවයි මෙම විශ්වසනීය වාර්තා අනාවරණ කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *