හම්බන්තොට උණුසුම් වෙයි / පොලිසියේ 3කට තුවාල / 26ක් අත්අඩංගුවට

අධිකරණ නියෝගය නොතකමින් හම්බන්තොට නගරයේ පැවැත්වූ ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා ව්‍යාපාරය විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළ අවස්ථාවේ අද උණුසුම් තත්ත්වයක් හටගත්තා.
එම තත්ත්වය පාලනය කිරීමට අධි පීඩන ජල ප්‍රහාරයක් හා කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමටයි පොලිසියට පියවර ගත්තේ.
හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවය පැවැත්වුණා.
එම ස්ථානයේ විරෝධතා දැක්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ඊයේ නිකුත් කරනු ලැබුවා.
ඒ හේතුවෙන් අද දිනයේ හම්බන්තොට හා ඒ අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමටයි පොලිසිය පියවර ගෙන තිබුණේ.
හම්බන්තොට පිහිටි ඉන්දියා කොන්සල් කාර්යාලය අසලදී උද්ඝෝෂකයෝ පොලිසිය යොදා තිබූ බාධක බිඳ දමමින් ඉදිරියට යෑමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම තත්ත්වය හටගත් අතර එහිදී පොලිස් නිලධාරීන් 3න් දෙනකුද තුවාල ලබා තිඛෙනවා.
සිද්ධියට අදාළව 26 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

 

 

 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial