හම්බන්තොට වරාය චීන ගිවිසුම අද පාර්ලිමේන්තුවට

හම්බන්තොට මාගම්පුර වරාය, චීන මර්චන්ට් සමාගම සහ ශ්‍රී ලංකා චීන ජාත්‍යන්තර වරාය සමාගම ස්ථාපිත කිරීමේ ගිවිසුම අද පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කෙරෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ ඊයේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේ දී මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.
ඒ අනුව අද පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමෙන් පසු හෙට දිනයේදී හම්බන්තොට වරාය චීන සමාගමට භාරදීමට නියමිතයි.
ශ්‍රී ලංකා චීන ජාත්‍යන්තර වරාය සමාගම සහ හම්බන්තොට වරාය සේවා සමාගම සිය වැඩ කටයුතු හෙට (9) සිට ආරම්භ කරන අතර හවුල්කාර සමාගමක් ලෙස පවත්වා ගෙන යාමට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට් වරාය සමාගම අත්සන් තැබුවේ මෙම වසරේ ජුලි 29 වනදායි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගමේ කොටස්වලින් සියයට 58 ක් හම්බන්තොට වරාය සේවා සමාගමහට අයිති වන අතර කොටස්වලින් සියයට 42 ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *