හම්බන්තොට සිද්ධියට නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීම 25 වනදායින් පසු

හම්බන්තොට පැවැති විරෝධතාවය සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන්  ප්‍රකාශයක් ලබා ගැනීමට එළබෙන 25 වෙනිදාට පසුව දිනයක් ලබාදීමට හම්බන්තොට මුලස්ථාන පොලිසිය තීරණය කර තිඛෙනවා.

ඒ  නාමල් රාජපක්ෂ  මන්ත්‍රීවරයා ප්‍රකාශයක් ලබා දීම සදහා හම්බන්තොට මුලස්ථාන පොලිසියට පැමිණි පසුවයි .

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී ,වී චානක යන මන්ත්‍රී වරුන් දෙදෙනාට හෙට හම්බන්තොට මුලස්ථාන පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට දන්වා තිබුනත් හෙට පාර්ලිමේන්තු මන්ත්‍රී   නාමල් රාජපක්ෂ මහතා වෙනත් නඩුවක් වෙනුවෙන් පෙනී සිටීමට නියමිත් බැවින් ඔහු ප්‍රකාශයක් ලබාදීම සදහා අද පොලිසිය වෙත පැමිණ සිටියා.

කෙසේනමුත් එම ප්‍රකාශය ලබාගැනීම මේ මස 25 වනදා දිනෙන් පසුව  දිනයක් ලබාදෙන බව පොලිසිය  ප්‍රකාශ කර ඇති අතර නමුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නිතිඥවරුන් ඉල්ලා ඇත්තේ අද දිනයේදීම ප්‍රකාශය ලබා ගන්නා ලෙසයි .

මේ එහිදී මන්ත්‍රීවරයා පල කළ අදහස්.

” මේ වන විට 28 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා ඒ වගේම තවත් 38 මේ අත්අඩංගුවට ගන්න සුදානමක් තියෙනවා කියල දැනගන්න ලබුනා ,ඒ නිසා අහිංසක මිනිසුන්ට කරදර කරන්න එපා කියලා මම පොලිසියෙන් ඉල්ලා සිටිනවා .”

      අපි මේ රටේ ජාතික සම්පත් විකුණන එකට විරුද්දව තමයි එලියට බැස්සේ අපි හිරගෙවල් වලට දාලා ඒ වැඩේ නවත්වන්න බෑ .නමුත් මන් හිතුවේ මාව මෙතනට කඩවන එක නොවෙයි අර තරුණයාගේ කන පලපු ඒ ,එස් .පි දළුවත්ත කියන කෙනා හිරේ දැවී කියලා නමුත් ඒ ගැන වාර්තා විතරයි . පොලිසියේ කෙනෙක් කන පැලුවම  වාර්තා ජාතික සම්පත් විකුණන එකට විරුද්දව අලියට බැස්සම අපිට පරීක්ෂණ බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයා කියා සිටියේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *