හමුදාවට දැන් බලපෑම් නෑ / හමුදාපති කියයි

2015 වර්ෂයෙන් පසු හමුදාවට දේශපාලන බලපෑම් එල්ලවීම නැවතී ඇතැයි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ ඉන්දියාවේ හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින්.
අතීතයේදී දේශපාලන බලපෑම් තිබුණා. සත්තකින්ම යුද්ධය දේශපාලනයේ දිගුවක්. අපි ඒක දන්නවා වගේම එය අවබෝධ කරගෙන සිටිනවා.

නමුත් 2015 වසරේ රජය වෙනස් වීමත් සමග අද වන විට යුද හමුදාපති වශයෙන් මට මගේ ඇමතිවරයාගෙන්, ජනපතිවරයාගෙන් හෝ අගමැතිවරයාගෙන් කිසිදු පීඩනයක් නෑ. එයින් කියැවෙන්නේ යුද හමුදාව දේශපාල බලපෑමකට ලක්වී නෑ කියලා හෝ එය ඉතාමත් අල්පයි කියන කරුණයි.

2015 වසරේ අපට ප්‍රජාතන්ත්‍රවාදී ජනපතිවරණයක් තිබුණා. නමුත් එහිදී ත්‍රිවිධ හමුදාවන්ට විවිධ චෝදනා එල්ල වුණා. විශේෂයෙන්ම යුද හමුදාව. ඒ ඔවුන් දේශපාලනයේ නිරත වෙන බව පවසමින්.

නමුත් ඒ වසමේ අගෝස්තු මායේ පැවැති මැතිවරණයෙන් ඒ අය අපිට චෝදනා කළේ ඔබ කොහෙද කියලයි. මේ පෙබරවාරි මාසයේදී පැවැති මැතිවරණයේදී හමුදාවන්හි සාමාජිකයන් බොහෝමයක් සිය ඡන්දය භාවිත කළේ රජයට විරුද්ධව බව මිනිසුන් කියනවා.

ඒ කියන්නේ දේශපාල බලපෑමක් හෝ පීඩනයක් නොමැති බවයි. අපි අපේ සාමාජිකයන්ට ඡන්දය භාවිත කිරීමට උපදෙස් දුන්නේ නෑ. අපි ඔවුන්ට සිතූ ලෙස ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව දුන්නා”