හා හා හරි හාවාගේ හා ටොම් ඇන්ඩ් ජෙරීගේ පියා මියයයි

‘හා හා හරි හාවා’ හෙවත් ‘බග්ස් බනී’ (Bugs Bunny) ප්‍රතිනිර්මාණය කළ සජීවිකරණ සිනමා ශිල්පී බොබ් ගිවන්ස් මරණයට පත්වී තිඛෙනවා.

ඩිස්නි, වෝනර්ස් බ්‍රදර්ස් සහ හැනා-බාබරා වැනි සිනමා නිෂ්පාදන සමාගම් රැසක සේවය කළ ඔහු මියයන විට 99 වන වියේ පසුවුණා.

‘ටොම් ඇන්ඩ් ජෙරී’ (Tom & Jerry ) සහ ‘ඩැෆී ඩක්’ (Daffy Duck) ද ඔහු අතින් නිර්මාණ වූ සෙසු කාටූන් චරිත වනවා.

1937 වසරේ දී ඩිස්නි සමාගමේ සේවය කළ බොබ් ගිවන්ස් ‘ඩොනල්ඩ් ඩක්’ (Donald Duck) සහ ‘ස්නෝ වයිට්’ (Snow White) යන කාටූන් චරිත සම්බන්ධයෙන් පළමුව කටයුතු සිදුකළා.

අනතුරුව 1940 වසරේ දී වොනර්ස් බ්‍රදර්ස් සමාගමට එක් වූ ඔහු ‘බග්ස් බනී’ චරිතය ප්‍රතිනිර්මාණය කිරීමත් සමග ලොව ප්‍රකට වුණා.