හැරී කුමරු තරුණියක වැළදගැනීම ජාත්‍යන්තරයේ ප්‍රසාදයට

මෙල්බර්න් හී සංචාරයක නිරත බිතාන්‍යයේ හැරී කුමරු රාජකීය නියමයන් කඩ කරමින් එරට තරුණියක වැළදගැනීමේ සිද්ධිය පිළිබද ජාත්‍යන්තර මාධ්‍ය අවධානය යොමුකර තිබෙනවා.
හිරී කුමරු හා මේගන් කුමරිය ඔවුන් පිළිගැනීමේ අවස්ථාවට එක්ව සිටි පිරිස් ඇමතීමට ගිය අවස්ථාවේ එහි සිටි තරුණියක් ඔහු වැළදගෙන තිබුණේ ඇයගේ දැඩි ඉල්ලීම මතයි.
“ඔබ මා ප්‍රශ්නයකට ලක් කිරීමට යන්නේ” යනුවෙන් පවසා හැරී කුමරු ඇයගේ ඉල්ලීම ඉටු කරන ආකාරය වීඩියෝ දර්ශනවල වල සටහන්ව තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සමග හැරී කුමරු පිළිබද පවතින ප්‍රසාදය ලොව පුරා ඉහළ නැංවී ඇති බවටයි සමාජ මාධ්‍ය අදහස් උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.
බ්‍රිතාන්‍ය රජ පවුල තවදුරටත් ප්‍රසාදයට ලක්වීමක්ද එයින් සිදුවූ බව එම වාර්තා පවසනවා.
කෙසේ වෙතත් එරට රාජකී්‍ය නියමයන්ට අනුව සාමාන්‍ය පුද්ගලයින් වැලදගැනීම සැලකෙන්නේ රාජකීය පවුලට අගෞරව කිරීමක් ලෙසයි.
කෙසේ වෙතත් තවමත් මේ පිළිබද බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙන් අදහස් පල කිරීමක් සිදුව නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *