හිටපු අගමැතිගේ නිවසෙන් රන් හා මුදල් පිරවූ පෙට්ටි 284 ක් අත්අඩංගුවට

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතාට අයත් බව සැලකෙන සුඛෝපභෝගී භාණ්ඩ හා මුදල් පිරවූ විශාල ප්‍රමාණයේ පෙට්ටි 284 ක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පෙට්ටිවලින් බහුතරයක ස්වර්ණාභරණ පුරවා ඇති බවයි එරට පොලිස් ප්‍රකාශකයා ස්ටාර් ටීවී ආයතනයට අදහස් දක්වමින් සදහන් කළේ.
මෙම භාණ්ඩ සොයාගෙන ඇත්තේ නජීබ් රසාක් මහතාට අයත් නිවාස ඇතුලු ස්ථාන පරීක්ෂාවේදීයි.
ඒ සම්බන්ධයෙන් නිශ්චිත ගණනය කිරීම් මේ වන විට සිදුකරමින් පවතින බවද මැලේසියානු පොලිසිය සදහන් කරනවා.
ධූරයේ රැදී සිටි සමයේ ඩොලර් බිලියන 4.5 ක මුදලක් වංචා කළ බවටයි නජීබ් රසාක් මහතාට චෝදනා එල්ලවී ඇත්තේ.
පසුගියදා පැවැති මැලේසියානු මැතිවරණයෙන්ද ඔහු පරාජයට පත්වූ අතර මේ වන විට ඔහුට හා බිරිඳට රටින් පිටවීමේ තහනමක්ද ක්‍රීයාත්මක වනවා.මේ අතර නජීබ් රසාක් මහතාගේ නීතීඥයින් සදහන් කරන්නේ එරට පොලිසිය මෙහිදී නීති විරෝධීව කටයුතු කර ඇති බවයි.
පොලිස් නිලධාරීන් හිටපු අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයින්ගේ ඇදුම් පවා රැගෙන ගොස් ඇතැයිද ඔහු චෝදනා එල්ල කරනවා.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.22