හිටපු ආණ්ඩුකාරවරුන් 2කට සභාපති ධූර


හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සහ සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියට රජයේ ආයතන 2ක සභාපති ධූර පිරිනමා තිබෙනවා.
එ් අනුව මැණික් හා ස්වර්ණාභරන අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් රෙජිනෝල්ඩ් කුරේ මහතා පත් කර අැති අතර නිලුකා ඒකනායක මහත්මිය රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනිය වශයෙනුයි පත්කර ඇත්තේ.
ජනාධිපතිවරයා කළ දැනුම් දීමට අනුව ඔවුන් තමා දැරූ ආණ්ඩුකාර ධුර වලින් පසුගියදා ඉල්ලා අස්වුණා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.