හුආවි ලොක්කාගේ දුව නිසා චීන / අමෙරිකා / කැනඩා අර්බුධයක්

චීනයේ හුආවි සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය අත්අඩංගුවට ගැනීම තම රට තුල සිදුවුවද එයට දේශපාලනික හේතුන් සම්බන්ධ නැතැයි කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩේව් පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ අමෙරිකාව විසින් සිදුකළ ඉල්ලීමක් අනුව ඇය වැන්කුවර් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් බවයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති මෙන් වැන්ෂෝයු හුවාවි සමාගමේ හිමිකරුගේ දියනියද වනවා.
මේ පිළිබද අදහස් දක්වමින් චීනය පවසන්නේ මෙම අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බැවින් ඇය වහා නිදහස් කළ යුතු බවයි.
මේ දක්වා ඇය අත්අඩංගුවට ගැනීමට කිසිදු හේතුවක් නොදක්වා ඇති අතර ඇය විසින් කිසිදු වරදක්ද සිදුකර නොමැති බවයි හුවාවි සමාගමද නිවේදනය කළේ.