හුළගේ ගිය නායකත්වය යළි මැතිවුස් අතට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට නම්කර තිඛෙනවා.

ඒ අනුව එළඹෙන බංගලාදේශ සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නැවතත් ඇන්ජලෝ මැතිව්ස්හට පැවරෙනවා.

නායකත්වය සඳහා මැතිව්ස් සමගින් දිනේෂ් චන්දිමාල්ගේ නම ද යෝජනා වී තිබූ අතර යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්වීමත් සමග නව නායකත්වය යළි ඔහුට හිමිවුණා.

බංගලාදේශය, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහභාගී වන තුන්කොන් එක්දින තරගාවලිය ජනවාරි 17 වැනිදා ආරම්භ වීමට නියමිතයි. ඒ අනූව පළමු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ පිල සමග ශීර් බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ දී තරග වැදීමට නියමිතයි.

මෙම සංචාරයේ දී බංගලාදේශ පිල සමග ශ්‍රීලංකාව ටෙස්ට් තරග 2කට සහ 20-20 තරග දෙකකට සහභාගීවනවා.