හෙළ උරුමය අලියා පිටට / චම්පික මහරගමට

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ජාතික හෙළ උරුමය එක්සත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් තරග කිරීමට තීරණය කර තිඛෙනවා.

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ මහරගම ආසන සංවිධායක ධුරය පාඨලී චම්පික රණවක ඇමැතිවරයාට ලබාදීමට නියමිත බවටයි වාර්තා පලවන්නේ.
කේවල සහ මිශ‍්‍ර ක‍්‍රමයට පැවැත්වීමට නියමිත මේ මැතිවරණයේ දී කිසිදු පක්ෂයකට අතිබහුතරයක් ලබා ගැනීමට හැකියාව සැගකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිඛෙනවා.
එක්සත් ජාතික පක්ෂයට මේ පළාත් පාලන මැතිවරණයේ දී සාපේක්ෂව යම් ජයග‍්‍රහණයක් ලබා ගැනීමේ හැකියාවක් තිබුණ දල එය බහුතරයක් නොවනු ඇති බවයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ.
පළාත් සභා මැතිවරණයට මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයට ද මේ ක‍්‍රමය ආදේශ කිරීමේ උත්සාහයක් පැවතුණද මේ තත්ත්වය යටතේ ඒ ගැන නැවත සිතා බැලිය යුතුව ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *