හොර හරක් ලොරිය පසුපස පැන්නූ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම්

අනුරාධපුර – පුත්තලම ඒ 4 ප්‍රධාන මාර්ගයේ  බුලංකුලම  ප්‍රදේශයේ දී  තරුණියන් දෙදනකු රිය අනතුරකින් මියයාමේ සිද්ධියට අදාළව එම තරුණියන් යට කළ හරක් ලොරිය පසුපස කැබ්රථයකින් පන්නාගෙන ගිය පොලිස් සැරයන්වරු දෙදෙනාගේ  වැඩ තහනම් කර තිඛෙනවා.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ  අනුරාධපුර පොලිසියේ  සේවය කළ සැරයන්  ප්‍රේමදාස සහ සැරයන් රියදුරු බන්ධුල වලිසංහ යන නිලදාරීන්ගේයි.

ජයනි චතුරිකා ජයකොඩි (32) සමාධි නවෝදනා ජයකොඩි (29) එකම පවුලේ සොහොයුරියන් දෙදනකු මෙම රිය අනතුරෙන් මිය ගියා.
අනතුර සිදුකළ හොර හරක් පැටවූ ලොරියේ රියදුරා ගම්වාසීන් සිදුකළ පහරදීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටිනවා.