ෆේස් බුක් ආයෙත් වැඩ / ප්‍රවේශමෙන් පරිහරණය කරන්න

ෆේස් බුක් සමාජ ජාලය යළි මෙරට තුල සක්‍රීය කර තිබෙනවා.ඒ දින 9 කට පසුවයි. දිගන ප්‍රදේශයේ හටගත් ගැටුම මුල් කර ගනිමින් පැතිර ගිය නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සදහායි ෆේස් බුක් සමාජ ජාලය සීමා කරනු ලැබුවේ. මේ අතර අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රධානීන් හා ආරක්ෂක අමාත්‍යංශ ප්‍රධානීන් ඉන්දියාවේ සිට පැමිණි ෆේස්බුක් සමාගමේ විශේෂ නියෝජිත කන්ඩායමක් සමග සාකච්ජාවක නිරත වුණා.
එහිදී ෆේස් බුක් තුල වෛරී ප්‍රකාශ සීමා කරන ලෙස රජය ඉල්ලීමක් කර තිබෙනවා. ඊට අදාළව කඩිනම් පියවර ගැනීමට නියමිත බවයි අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ.