You are here
Home > ගොසිප් > ෆේස් බුක් කඩා වැටේ /රටවල් රැසකින් ප්‍රතික්ෂේප වන ලකුණු

ෆේස් බුක් කඩා වැටේ /රටවල් රැසකින් ප්‍රතික්ෂේප වන ලකුණු

තම සමාජ ජාලය භාවිතා කරන ග්‍රාහකයින්ගේ රහසිගත දත්ත දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් අනාරක්ෂිත කිරීමේ චෝදනාව එල්ලවීමත් සමගම ෆේස් බුක් සමාගමට අහිතකර කාලයක් උදාවී තිබෙනවා.
ඒ අනුව අමෙරිකාවේ ප්‍රාන්ත 37 කදී ෆේස් බුක් ගිණුම් ප්‍රතික්ෂේප කිරීමේ රැල්ලක් නිර්මාණයවී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.
මේ අතර ෆේස් බුක් සමාගමේ කොටස් මිල සියයට 7කින් පහත වැටී තිබෙනවා.
එය මෑතකාලීනව ෆේස් බුක් ආයතනය මුහුණදුන් බරපතලම කඩාවැටීම ලෙස සැලකෙනවා.
මේ අතර ජර්මනියේ ෆේස් බුක් ගිණුම් භාවිතා කරන්නන්ගෙන් සියයට 60ක්ම එම ගිණුම් භාවිතය පිළිබද යළි සිතා බලමින් සිටින බවයි නවතම වාර්තාවක් අනාවරණ කළේ.
අමෙරිකාවේ සියයට 50කට අධික පිරිසක්ද මේ ආකාරයෙන් ෆේස් බුක් සමාජ ජාලය පිළිබද අප්‍රසාදය හා සැකය පල කර තිබෙනවා.
ෆේස් බුක් සමාගමට එල්ලවූ චෝදනා පිළගනිමින් එහි හිමිකරු මාර්ක් සකර්බර්ග් කණගාටුව පල කිරීමක් සිදුකළද එය ප්‍රමාණවත් නොවන බවටයි බොහෝ දෙනා අදහස් දක්වන්නේ.

Top