ෆේස් බුක් ගිණුම් රකින්න රහස් පොලිසිය දාලා

ෆේස් බුක් සමාගමේ අභ්‍යන්තර රහස් පිටතට ලබාදෙන්නන් හදුනා ගැනීමට සදහා එහි හිමිකරු මාර්ක් සකර්බර්ග් විශේෂ රහස් පොලිස් ඒකකයක් ආයතනය තුල පිහිටුවා තිබෙනවා.
ඉන්දියානුවකු වන සොන්යා අහූජාගේ ප්‍රධානත්වයෙන් මෙම ඒකකය පිහිටුවා ඇති බව සදහන්.
ෆේස් බුක් සමාගමේ ගිණුම් හා ඒ සමග ගණුදෙනු කරන කාඞ්පත් දත්ත ආදී රහස් මෙන්ම පරිශීලකයින්ගේ තොරතුරු මෙසේ වෙනත් පාර්ශව වෙත ලැබෙමින් පවතින බවයි අනාවරණවී ඇත්තේ.
ඒ අනුව එම තොරතුරු පිටතට ගලා යාම වැලැක්වීම හා ඊට සම්බන්ධ පිරිස් හදුනා ගැනීම මෙහි අරමුණයි.
මෙම වැඩපිළිවෙල නිසි පරිදි ක්‍රියාත්මක නොවුණහොත් ෆේස් බුක් බරපතල අර්බුධයකට ලක්වනු ඇති බව කියවෙනවා.
පසුගිය වසර තුල පමණක් පැරණි ෆේස් බුක් ගිණුම් සියයට 10ක් වසා දැමීමට ලෝකයේ තරුණ පිරිස පියවර ගෙන ඇති බවද මේ වන විට අනාවරණ කර තිබෙනවා.