ෆේස් බුක් තහනම අවසන් වන දිනය මෙන්න

ෆේස් බුක් සමාජ ජාලය ඇතුලු සමාජ මාධ්‍ය කිහිපයක් සදහා පනවා ඇති සීමා කිරීම තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
ඒ අතරතුර මේ දක්වා ක්‍රියාත්මකවූ ෆේස් බුක් සමාජ මාධ්‍ය ගිණුම් රැසක්ම අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි අදාළ ආරංචි මාර්ග අනාවරණ කරනු ලබන්නේ.
එහිදී අන්තවාදී අදහස් පතුරුවා හරින හා මහනුවර නොසන්සුන් තත්වය අවස්ථාවේදී වෛරී ප්‍රකාශන නිකුත් කළ ප්‍රකට සමාජ මාධ්‍ය ගිණුම් කිහිපයක්ද වන බව සදහන්.
කෙසේ වෙතත් පෙට්‍රල් බෝම්බ නිර්මාණය කිරීමට අදාළ තොරතුරු පවා පල කළ තවත් සමාජ මාධ්‍ය ගිණුම් හදුනා ගනිමින් ඒවා ඉවත් කිරීමට කටයුතු කරමින් පවතින බවද සදහන්.
ඒ අනුව අදාළ හානිකර ගිණුම් අත්හිටුවන තෙක් තවත් දින කිහිපයක් මෙම සමාජ මාධ්‍ය ගිණුම් සීමා කිරීම ක්‍රියාකත්මක වන බවයි අනාවරණ වන්නේ.