You are here
Home > ගොසිප් > ෆේස් බුක් ලොක්කා වරද පිළිගනී / සමාවත් ඉල්ලයි

ෆේස් බුක් ලොක්කා වරද පිළිගනී / සමාවත් ඉල්ලයි

කේම්බ්‍රිජ් ඇනලිටිකා සිද්ධියේදී තම ආයතනයෙන් බරපතල වරදක් සිදුවූ බව ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මුල්වරට මාධ්‍ය හමුවේ පිළිගෙන තිබෙනවා.

දේශපාලන උපදේශන සමාගමක් වන කේම්බ්‍රිජ් ඇනලිටිකා ආයතනයට එරෙහි චෝදනාව වන්නේ ෆේස්බුක් ගිණුම්හිමියන් මිලියන 50ක ගේ පෞද්ගලික තොරතුරු කිරීම වන අතර 2016 අමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරවීමට ජනතාව පෙළඹවීමට එම දත්ත යොදාගත් බවයි අනාවරණ කර ඇත්තේ.

අමෙරිකානු ජනාධිපතිවරයා ජයග්‍රහණය කරවීමට අදාළ පර්යේෂණ , දත්ත එක් රැස්කිරීම ,විශ්ලේෂණය සහ ප්‍රජාව ඉලක්ක කිරීම ඇතුළු සමස්ත ඩිජිටල් මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියේ තම ආයතනය බව කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇලෙක්සැන්ඩර් නික්ස්  අනාවරණ කළ අතර පසුව ඔහු එම ධූරයෙන් ඉල්ලා අස්වුණා.

සකර්බර්ග් වරද පිළිගැනීමත් සමග ලොව පුරා ෆේස් බුක් විරෝධයක් මතුවෙමින් පවතින අතර බොහෝ දෙනා මේ පිළිබද එම සමාගමට චෝදනා කරමින් සිටිනවා.

මේ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන සඳහා කරුණු ඉදිරිපත්කිරීමට කොංග්‍රසය ඉදිරියේ පෙනී සිටින ලෙස සකර්බර්ග්ට අමෙරිකානු සෙනෙට් සභිකයින් නියෝග කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.

Top