You are here
Home > ආසන්න-පුවත් > ෆේස් බුක් වෛරය පැතිරූ කොලඹ ප්‍රධාන පාසලක සිසුවෙක් රිමාන්ඩ්

ෆේස් බුක් වෛරය පැතිරූ කොලඹ ප්‍රධාන පාසලක සිසුවෙක් රිමාන්ඩ්

හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේදී ජාතීන් අතර සංහිඳියාව බිඳදැමීමේ අරමුණින් සමාජ ජාල මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ කොලඹ ප්‍රධාන පෙලේ පාසලක සිසුවකු අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතායි නියෝගය නිකුත් කළේ.
සැකකාර සිසුවා ලබන 26 වැනිදා තෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙම චෝදනාවට සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් විසින් ඇප ඉල්ලා තිබු අතර අදාළ සිද්ධියට මෙම අධිකරණයෙන් ඇප ලබා දිය නොහැකි බවයි මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ.සැකකාර සිසුවා සිය සැබෑ ආගම වෙනුවට වෙනත් ආගමකට අයත් තැනැත්තකු ලෙස පෙනී සිටිමින් මෙම වෛරී අදහස් පතුරුවා හැර ඇති බවයි අනාවරණ වන්නේ.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top