ෆේස් බුක් සමාගමේ නියෝජිතයින් හෙට ලංකාවට

ෆේස්බුක් සමාගමේ නියෝජිත පිරිසක් හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. මෙහිදී එම නියෝජිත කණ්ඩායම ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු විදුලි සංදේශ නියාමන කොමිෂමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතයි.එහිදී නැවත ෆේස්බුක් සමාජ ජාල අවහිරය නතර කළ හැක්කේ කවර තත්ත්වයන් යටතේ ද යන්න පිළිබඳව අවධානයට ලක් කිරීමට නියමිතයි.
පසුගිය දිනවල මෙරට තුල හටගත් තත්ත්වය සැලකිල්ලට ගෙන සමාජ මාධ්‍ය තුල යළි එවන් තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොදෙන බවටයි ෆේස් බුක් සමාගම දැනුම්දී ඇත්තේ.