කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධරී වසම් 4 ක් හුදකලා කරයි

කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධරී වසම් 4 ක් හුදකලා කර තිබෙනවා.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, මාවනැල්ල, දෙහිඕවිට සහ කෑගල්ල යන පොලිස් බල ප්‍රදේශවල ග්‍රාම නිලධරී වසම් 4 ක් අද (26) උදෑසන 6.00 සිට එලෙස  හුදකලා කළ බවයි.

මේ අතර කිරිබත්ගොඩ, නාහේන ග්‍රාම නිලධාරී වසමේ හුදෙකලා බව ඉවත් කර තිබෙනවා.

පුවත යවන්න