ගෝඨාභය අත්අඩංගුවට ගන්න / බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක් -IMF සහයටත් කොන්දේසි

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කිරීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කරන ලෙස බ්‍රිතාන්‍යයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක එඩ් ඩේවි බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඊයේ පැවති හදිසි විවාදයේදී මෙම ඉල්ලීම සිදුකර තිබුණා.
ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති බිහිසුණු ,බියකරු තත්ත්වයට රාජපක්‍ෂ ආණ්ඩුවේ දූෂණය බලපෑ බවටයි මෙහිදී චෝදනා කළේ.
ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතූළු ජාත්‍යන්තර ආයතනවලින් ඉල්ලා සිටියේ ලංකාවට ලබාදෙන ආර්ථික සහන සඳහා ජනාධිපති රාජපක්‍ෂ සහ ඔහුගේ හිතවතුන් අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවක් ඇතුළත් දේශපාලන කොන්දේසි පැකේජයක් ද ඇතුලත් විය යුතු බවයි.

පුවත යවන්න