නව අගමැති රනිල් / දිවුරුම් දීම හෙට හෝ අනිද්දා ?

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හෙට (12) හෝ අනිද්දා(13) ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සදහන් කළා.

රටේ ඇති වී තිබෙන අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ  අතර අද රාත්‍රී සාකච්ඡාවක්ද පැවැත්වුනු අතර හෙට (12) පෙරවරුවේ ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් මේ වන විටත් කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

පුවත යවන්න