මාතර කොරෝනා වර්ධනයක් /කොළඹින් වැඩිම කොම්පඤ්ඤවීදිය හා එගොඩඋයනෙන්

ගතවූ පැය 24 තුල වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.
එම ගණන 273 ක්.

කොම්පඤ්ඤවීදියෙන් 31ක් හා මොරටුව එගොඩ උයනෙන් ආසාදිතයන් 26 ක් වාර්තා වුණා.
බොරැල්ලෙන් 23ක් හා කොළඹ කොටුවෙන් ආසාදිතයන් 20ක් සොයාගෙන තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් ගණන 181 යි.

මීගමුවෙන් ආසාදිතයන් 31 යි.

මාතර දිස්ත්‍රික්කයේ ආසාදිතයන් ගණන 84 ක්.
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 80 ක්,මහනුවර දිස්ත්‍රික්කයෙන් 101 ක්,  කුරුණෑගලින් ආසාදිතයන් 79 ක්,  බැගින් වාර්තා වුණා.

පුවත යවන්න